දින 19කදී සැකකරුවන් 26252ක් අත්අඩංගුවට (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම යටතේ දින 19ක කාලයක් තුල සිදු කළ වැටලීම්වලින් සැකකරුවන් 26252ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඉන් සැකකරුවන් 1334ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුගිය දෙසැම්බර් මස 17 වනදා ආරම්භ වූ මෙහෙයුම මගින් මේ දක්වා කාලය තුල දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 216 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1549 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4584 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 2131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉතිරි සැකකරුවන් 2453 දෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම වටලිම්වලදී හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 378ක්, අයිස් කිලෝ 09යි ග්‍රෑම් 436ක්, ගංජා කිලෝ 329යි ග්‍රෑම් 840ක්,
ගංජා පැල 1,193,691ක්, මාවා කිලෝ 126යි ග්‍රෑම් 848ක්, ඈෂ් කිලෝ 35යි ග්‍රෑම් 900ක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව හෂීෂ් කිලෝ 05යි ග්‍රෑම් 157ක්, තූල් කිලෝ 03යි ග්‍රෑම් 900ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 782ක්, මදන මෝදක ගුලි කිලෝ 10යි ග්‍රෑම් 274ක් සහ මත්පෙති 75,177ක් ද සොයාගෙන තිබෙනවා.

දින 19ක් පුරා දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළඳපල වටිනාකම මිලියන 963කට ආසන්න බවටයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22