දිට්වා සුළි කුණාටුව පිළිබඳව කාලගුණ අනාවැකි පලවී තිබියදී ඉන් සිදුවූ හානි අවම කිරීමට පියවර නොගැනීම තුළින් රජය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබුණු පෙත්සමකට අදාළ ප්රතිවිරෝධතා පෙබරවාරි මස 12 වනදා ගොනු කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළා.
මහනුවර ප්රදේශයේ පදිංචි නීතිඥවරයකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබුවා.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම කැඳවීම සිදුවුණා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් මූලික විරෝධතා ගොනුකර තිබෙන බවයි.
ඒ අනුව ප්රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 12 වනදාට කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා ඇතුළු අමාත්ය මණ්ඩලයේ සාමාජිකයින්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්, මහවැලි අධිකාරී නිලධාරින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
