‘දිට්වා’ ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 30ක් නිරිතෙන් – තද වැසි සහ තද සුළං තවදුරටත්

දිට්වා සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 30 kmක් නිරිත දෙසින්, අක්ෂාංශ 8.5°N සහ දේශාංශ 81.0°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි අද (28) පස්වරු 8.00ට නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු, උතුරු – මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 ට වැඩි ඉතා තද වැසි, සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැයට කිලෝ මීටර් 60-70 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22