දසුන් ශානක සහ චාමික කලකට පසු 20-20 සංචිතයට

බංග්ලාදේශයට එරෙහිව ආරම්භවන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට දසුන් ශානක සහ චාමික කරුණාරත්න නැවත කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව හිටපු නායක දසුන් ශානක ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයක් සඳහා කැඳවා ඇත්තේ වසරකට ආසන්න කාලයකට පසුවයි.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේදීයි.

2026 අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින් තේරීම් කමිටුව මොවුන් දෙදෙනාව සංචිතයට කැඳවා ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ලබන සතියේ ආරම්භ වීමට නියමිත අතර, ශානක සහ චාමිකගේ නැවත පැමිණීම කණ්ඩායමට වටිනා අත්දැකීම් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
58
+1
0
+1
5
+1
4
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?