AFC Banner
AFC Banner
Empty Ad

‘තෝරා’ පොලිස් විශේෂ කාර්යය බලකායේ භාරයට ගැනේ

මිනිසුන් බියවද්දා කප්පම් ලබාගත්, මනුෂ්‍ය ඝාතනයන්ට චෝදනා ලබා සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘තෝරා’ නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විශේෂ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) දින පයාගල පොලිස් වසමේ අලුත් පල්ලිය – කලමුල්ල, කළුතර ප්‍රදේශයේ දියි සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලි ග්‍රෑම් 800ක් සහ ජංගම දුරකථනයක් සමඟ කලමුල්ල, කළුතර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කළුතර, පයාගල සහ කටුකුරුන්ද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි බවටයි හෙළි ව ඇත්තේ.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් ඇතුළු මහජනයා බියවද්දා මරණීය තර්ජන එල්ල කරමින් විශාල ප්‍රමාණයේ කප්පම් මුදල් ලබාගත් පුද්ගලයෙක් ලෙසට ද සැකකරු ප්‍රසිද්ධියක් උසුලනවා.

සැකකරු දකුණු හා බස්නාහිර පළාතෙහි සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදු කිරීම සම්බන්ධව අවශ්‍ය වන ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ලෙසත් වාර්තා වනවා.

එමෙන්ම මෙම සැකකරු මීට ප්‍රථම විෂ මත්ද්‍රව්‍ය, පුපුරණ දුව්‍ය, තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල කිරීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව මේ වන විට ඇප මත මුදා හැර සිටින අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?