තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවීම; සැකකරු යාපනයේ දී අල්ලයි

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ විවාහක බිරිඳ යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් වැල්ලවත්ත සිට යාපනය දක්වා සුඛෝපභෝගී බසයකින් ගමන් කරමින් සිටිය දී ලද තොරතුරක් මත අද (24) අලුයම යාපනය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන්ව යාපනය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට පසුගිය 17 වනිදා පස්වරුවේදී තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පොලිසිය විසින් සොයාගත් එම මළ සිරුර, වැලිගම – කුරුඳු කොරටුව – පලල්ල යන ප්‍රදේශයේ පදිංචිව සිටි අම්පාර ප්‍රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට සේවයෙන් ඉවත්ව සිටි භෞත චිකිස්සකවරියකගේ බවයි හඳුනාගනු ලැබුවේ.

මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්‍රදේශයේ නාවාතැන් පොළකට පසුගිය 16 වනදා පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

පසුව පෙම්වතා කියන ඝාතනයට සම්බන්ධ සැකකරු එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්‍රියේ මෝටර් රථයක දමා පසුදා උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන එන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අදාළ තරුණිය සැකකරු සමඟ කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොළී මත ලබාගෙන පෙම්වතාට ලබාදී ඇති බවට ද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

පසුව අනාවරණය වුණේ, ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් බවත්, තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි.

මෙම සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදුකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී තොරතුරු අනාවරණය වුණේ.

භෞත චිකිස්සකවරියගේ ඝාතනයෙන් අනතුරුව සැකකරු සැඟව සිටි අතර ඔහු සොයා පොලිසිය දිවයින පුරා විමර්ශන ආරම්භ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08