තුන්කොන් සටනේ මීළග තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් දෙකක්

තුන්කොන් එක්දින තරගාවලියේ පාකිස්ථානය සමඟ අද (27) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණා.

ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවාර 25 යි පන්දු 03 ක් තුළ ලකුණු 110 කට සීමා වූ අතර එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 01 ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ, එංගලන්තය සමඟ මීළගට පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

තරගය අනිද්දා දිනයේදී ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, තුන්කොන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරග පරාජයට පත් වූ එංගලන්තයට තවදුරටත් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ හැකියාවක් නැහැ.

ඒ අනුව, අනිද්දා දිනයේදී එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරයේ ප්‍රතිඵලය තරගාවලියේ ඉදිරිය සංධ කිසිඳු බලපෑමක් සිදු කරන්නේ නැහැ,

එමෙන්ම මෙම තරගාවලියේ අවසන් තරගය ලබන 31 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.