තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගලපිටමඩ දුනුමාල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා තුවාල සහිතව වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ දුනුමාල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ දියණිය විවාහ වී සිටින සැමියා බීමත්ව පැමිණ ඔහු සමග ඇති කරගත් පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු මේවන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලපිටමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
15
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?