තිදරු මවකට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 3.58 සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා දෙකකට වරදකාරිය කරනු ලැබූ තිදරු මවකට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.

විජේසිංහ ආරච්චිගේ නිරෝෂා නමැති එම විත්තිකාරියට එරෙහිව ගොනු කළ චෝදනා දෙකම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කළ බව නිගමනය කළ විනිසුරුවරයා චෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (03) දිනයේ දී නියම කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

2021 සැප්තැම්බර් 22 මෝදර පොලිසිය විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී එම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හෙරොයින් ග්‍රෑම් 25.280 වැනි විශාල ප්‍රමාණයක් ළඟ තබාගෙන ඇත්තේ පුද්ගලික පාවිච්චියට නොව ජාවාරම් කිරීමට බව පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ නිමේෂාද අල්විස් මහත්මිය පෙන්වා දුන්නා.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටේ සෑම පුරවැසියෙකුට ම පීඩා විඳින්නට සිදුවන බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එම විත්තිකාරියට ම ලිහිල් දඬුවම් නියම කිරීමට නොහැකි බවක සඳහන් කළා.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එකී දඬුවම නියම කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25