තැපැල් ගාස්තු හෙට දිනයේ සිට ඉහළට

හෙට (09) දිනයේ සිට දේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ගාස්තු සංශෝධනයෙන් පහත සේවාවන් සඳහා වූ ගාස්තු සංශෝධනය කර ඇති අතර, අනෙකුත් සේවාවන්හි ගාස්තු නොවෙනස්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඒ, අනුව ගාස්තු සංශෝධනය වන සේවාවන් පහතින්,

i. සාමානය ව්‍යාපාරික ලිපි සේවාව
ii. කොළඹ නාගරික බෙදීම් කලාප 15 ඇතුළත බෙදීමට මධ්‍ය කැපැල් හුවමාරුව වෙතින් භාරගන්නා ලිපි
iii. පුණ්‍යාය සමාජ සේවා ස්වේච්ඡා සංවිධාන වලින් තැපැල් කරන ලිපි
iv. අමෘත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් භාණ්ඩ ලියාපදිංචිය වෙනුවෙන් ලබාදෙන විශේෂ සේවාව
v. තැපැල්පතක් සඳහා ගාස්තු
vi. මුද්‍රිත ද්‍රව්‍ය විවෘත පැකට්ටු / ලිපි සේවාව
vii. තැපැල් මගින් යැවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ පුවත්පත් ප්‍රකාශන හා වාර සඟරා සේවාව
viii. ප්‍රචාරණ තැපැල් සේවාව
ix. ටේලිමේල් සේවාව.
x. මුද්දර කවර
xi. තැපැල් මලු සේවාව
xii. ගාස්තු නොගෙවූ හෝ අඩුවෙන් ගාස්තු ගෙවූ තැපැල් භාණ්ඩය සඳහා අවම අධිහාරය

ඊට අමතරව සාමාන්‍ය/ ව්‍යාපාරික ලිපි සෝවාවේ මූලික බර පංතිය ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 ලෙස සංශෝධනය කර තිබෙනවා.

එමෙන්ම ප්‍රචාරණ පත්‍රිකා බෙදාහැරීමේ සේවාවේ ගාස්තුව බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් ලෙස ආකාර දෙකකින් හඳුන්වා දී ඇති අතර, පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 ලෙස සංශෝධනය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53