“තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය, ස්ථාවරත්වය ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත්”- ජපාන විදේශ අමාත්‍ය

තායිවානය වටා චීනය පවත්වන හමුදා අභ්‍යාස පිළිබඳව ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා කනස්සල්ල පළ කර ඇති අතර, තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇති බව තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.

ජපන් විදේශ කටයුතු අමාත්‍ය ටකේෂි ඉවායා චීන විදේශ ඇමති වැන්ග් යී සමඟ පැවති හමුවකදී මේ බව පැවසුවා.

“ජපානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය වැදගත්” යැයි ක්වාලාලම්පූර් හි පැවති ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව පැවති රැස්වීමක දී ඉවායා මේ බව සඳහන් කර තිබෙනවා.

“තායිවානය වටා චීනයේ මහා පරිමාණ හමුදා අභ්‍යාස මෙයට නොගැලපේ” යනුවෙන් ඉවායා පැවසූ බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

තායිපේ ටයිම්ස් පුවත්පතට අනුව, බලහත්කාරයෙන් පවතින තත්ත්වය ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට ජපානයේ විරුද්ධත්වය ද ඉවායා ප්‍රකාශ කළ අතර දකුණු චීන මුහුදේ තත්ත්වය පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47