“තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය, ස්ථාවරත්වය ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත්”- ජපාන විදේශ අමාත්‍ය

තායිවානය වටා චීනය පවත්වන හමුදා අභ්‍යාස පිළිබඳව ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා කනස්සල්ල පළ කර ඇති අතර, තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කර ඇති බව තායිපේ ටයිම්ස් වාර්තා කරනවා.

ජපන් විදේශ කටයුතු අමාත්‍ය ටකේෂි ඉවායා චීන විදේශ ඇමති වැන්ග් යී සමඟ පැවති හමුවකදී මේ බව පැවසුවා.

“ජපානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය වැදගත්” යැයි ක්වාලාලම්පූර් හි පැවති ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව පැවති රැස්වීමක දී ඉවායා මේ බව සඳහන් කර තිබෙනවා.

“තායිවානය වටා චීනයේ මහා පරිමාණ හමුදා අභ්‍යාස මෙයට නොගැලපේ” යනුවෙන් ඉවායා පැවසූ බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

තායිපේ ටයිම්ස් පුවත්පතට අනුව, බලහත්කාරයෙන් පවතින තත්ත්වය ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට ජපානයේ විරුද්ධත්වය ද ඉවායා ප්‍රකාශ කළ අතර දකුණු චීන මුහුදේ තත්ත්වය පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39