වයස අවුරුදු 13ක බාලවයස්කාර පාසල් දැරියක් ත්‍රිරෝද රථයක් තුළ දී දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහමුනේ, වෙන්නංකරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
වාරියපොළ – මල්වාන වැව අසල ත්‍රිරෝද රථයක් තුළ බාල වයසකාර දැරිවියක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු රැදී සිටින බවට ඊයේ (19) වාරියපොළ පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
එම තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ත්‍රිරෝද රථය තුළ සිටි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේ දී දැරිය පොලීසියට පවසා ඇත්තේ ත්‍රිරෝද රථය තුළ තමන් සමඟ සිටි පුද්ගලයා තමාව දූෂණය කළ බවයි.
දැරිය සතුව තිබූ බෑගයක් තුළ තිබී පාසල් නිල ඇඳුමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, තමන් කඩහපොල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවට පොලීසියට පවසා තිබෙනවා.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කරඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.














PODI KELLO PIRIMIYEK EKKA YALU WENNE RALLATA, YALUWANTA PENNA. ECHCHARAYI. NAMUTH PIRIMI UN GENU EKKA JEEWITHA KALEMA LABAPU DEWAL ME PODI KELLEK AHU UNAMA PAYEN LABA GANNA HADANAWA. MEKA KALA PARAYA TA 38YI. U 25-30 MARRY KALATH UTA ME WAYASRMA DARUWO INNAWA ATHI. EHEMA NAM ME BALLA UNGE MUNA BALANNE KOHOMA DHA. UN MUTA GARU KARAYI DHA.