තද වැසි සහ සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි 01 දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ, අනුව ජනවාරි 31 සහ පෙබරවාරි 01 දෙදින තුළ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය වීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව හෙට (31) දිනයේ දී උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, නැගෙනහිර, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව්, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
2
මාර දුකයි !
4
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?