spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියාට මොකද වුණේ…? ලොවක් බලා සිටි කතාව මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ජනවාරි මාසයේදී ධවල මන්දිරයෙන් පිටව ගිය දා සිට ඇය සම්බන්දයෙන් විවිධ කටකතා නිර්මාණය වී තිබෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය ඔහුගෙන් දික්කසාද වන්නට යන බවකි.

නමුත් තවම එවැන්නක් සිදුවී නැත. ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීම් සීමාකර බොහෝ දුරට නිහඬව සිට ඇත.

ඩොනල්ඩ් තවමත් ඔහුගේ කාර්යාලයේ සිට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටි නමුත් මෙලනියා ඇගේම දේ කරමින් නිහඬව ළමුන් සහ මානසික සෞඛ්‍ය දැනුවත් කිරීම සඳහා ප්‍රචාරක කටයුතු කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් 2024 දී නැවත ජනපතිවරණයට ඉදිරිපත් වන්නට උත්සාහ දරන බව පසුගිය මාසයේ ඉඟි කළ අතර ඒ සමග මෙලනියාගේ ඊට ප්‍රතිචාරය සොයන්නටද මාධ්‍ය උනන්දු විය. නමුත් ඇය සැමියා මෙන් ඉදිරිපත්වන්නට බැරි බව දක්වා මාධ්‍ය අවධානයට නොකැමැත්ත පළකර ඇත .

වොෂින්ටන් වෙත නැවත පැමිණීමට උනන්දුවක් දක්වා නැත මෙලනියා සිය ජීවිතයේ එම කාල පරිච්ඡේදය අවසන් කර හිත හදාගෙන අවසන්ය. ඇයගේ මිතුරියන් උපුටමින් ඇගේ අදහස් වාර්තා කර තිබෙන අතර “නැවතත් ජනාධිපති ආර්යාව වීමට මට අවශ්‍ය නොවන බවත් . එය අවසන්, එය එපමණයි,” ඇය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?