ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවට – ක්වාලාලම්පූර් ගුවන්තොටේ දී උණුසුම් පිළිගැනීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයේ පළමු අදියර අරඹමින් අද (26) මැලේසියාව වෙත පැමිණියා.

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇමරිකානු ජනධිපතිවරයාව මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

පසුගිය ජූලි මාසයේදී දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් පසු තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම් අත්සන් කිරීම, ට්‍රම්ප්ගේ මෙම මැලේසියානු සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

තායිලන්තය සහ කාම්බෝජය අතර කැකෑරෙන ආතතීන් දේශසීමාවේ මාරාන්තික සටනක් දක්වා ජූලි මාසයේ දී පුපුරා ගියා.

එම සටහන් අඛණ්ඩව දින පහක් පැවති අතර, පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වුණා.

ජූලි 28 වන දින, මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්ගේ නායකත්වයෙන් යුත් ක්වාලාලම්පූර්හි පැවති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ වුණා.

තායිලන්තය මෙම සටහන් විරාමය මුල දී ප්‍රතික්ෂේප කළ නමුත්, සටන් අත්නොහරින තෙක් තීරුබදු සාකච්ඡා ඉදිරියට නොයන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුව ටන් විරාමයක් වෙනුවෙන් තායි බලධාරීන් එකඟතත්වයකට පැමිණියා.

මේ අතර සිය තෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන් කාම්බෝජය සහ තායිලන්තය අතර ආඩම්බරයෙන් මැදිහත් වූ ශ්‍රේෂ්ඨ සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා පැමිණි බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා මැලේසියාවේ සිටින කාලය තුළ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සමුළුවකට ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවෝ පාර්ලිමේන්තුව වටලයි - උණුසුම් තත්ත්වයක්
05:43
Video thumbnail
ඩෙංගු බලන්න ගිහින් නිලධාරින්ට යකා නගියි"ඔයාගේ කුණු මෙතන දාලනේ තියෙන්නේ පච කියන්න එපා රට වටේම"
03:16
Video thumbnail
සුජීව නැගිටිලා ආණ්ඩුවට දුම් විසිවෙන්නම දෙයි - ජනතාව පොල්ල අතට ගන්නවා
07:21
Video thumbnail
කළුතර නගරයේ හා අවට ආරක්ෂාව තර කරයි - ආරක්ෂාවට පොලිස් නිලධාරින් 650ක් දායි
01:20
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42