ඩුබායි සිහින පෙන්වා ගැමියන් රැවටූ කාන්තාව අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි දෙකක මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් මරදාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය මහියංගණය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා මෙම මුදල් වංචා කර ඇති අතර බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධීව රැකියා ඒජන්සියක් ද පවත්වා ගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

33 සැකකාර කාන්තාව මහියංගණය ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය තම සැමියා සමග එක්ව මෙම ජාවාරමේ නිරත වී සිට ඇතැයි සඳහන්.

සැකකාරිය මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් රවටා විදෙස් රැකියා ලබාදෙන බවට පවසමින් එක් අයෙකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ මුදලක් ලබා ගෙන තිබූ බවට හෙළිවී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබූ පැමිණිළි මත සිදු කළ විමර්ශනයේ දී සැකකාර කාන්තාව මහියංගණ ප්‍රදේශයේ පදිංචිය අතහැර මරදාන ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන රැකියා ඒජන්සිය වෙත පැමිණ ඇතැයි සඳහන්.

ඒ අනුව විමර්ශන කණ්ඩායම එම රැකියා ඒජන්සිය වෙත ගොස් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම කාන්තාවගේ සැමියා ද විමර්ශන කණ්ඩායම වෙත පැමිණ භාර වීමට නියමිත බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන්.

අත් අඩංගුවට ගත් කාන්තාව මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?