spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩිල්ෂාන් ෆොන්සේකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසක තනතුරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව අභ්‍යාසක ලෙස ඩිල්ෂාන් ෆොන්සේකා පත්කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් පසුගිය දා ඉවත්ව ගියා.

ඒ, අනුව එළඹෙන ජනවාරි මාසයේ දී ආරම්භ වන සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඩිල්ෂාන් ෆොන්සේකා එම තනතුර සඳහා පත්කර තිබෙනවා.

ඩිල්ෂාන් ෆොන්සේකා මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක ලෙස කටයුතු කළ අයෙක්.

මේ අතර නවීඩ් නවාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
5
+1
5
+1
0
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?