AFC Banner
Empty Ad
Empty Ad

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 2900 ක් දක්වා ඉහළට – 6,000ක් පමණ අතුරුදන්

ලිබියාවේ ඇති වූ ඩැනියෙල් කුණාටුව නිසා අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු මිය ගොස් ඇති බව ලිබියානු රතු කුරුස සංවිධානය පවසනවා

කෙසේ වෙතත්, නැගෙනහිර පදනම් වූ ලිබියානු ජාතික හමුදාවේ (LNA) ප්‍රකාශක අහමඩ් මිස්මාරි පවසන පරිදි 2,900 වැඩි පිරිසක් මිය ගොස් තවත් 6,000 ක් පමණ අතුරුදන් වී තිබෙනවා

ඩැනියෙල් සුළි කුණාටුව පසුගිය ඉරිදා උතුරු අප්‍රිකානු දේශයට ළඟාවීමෙන් පසු බලධාරීන් විසින් දැඩි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා

දැඩි ගංවතුර නිසා ඇතිවූ පීඩනයෙන් ඩර්නා හි වේලි දෙකක් කඩා වැටි ඇති බවද සඳහන් වනවා

බෙන්ගාසි, සූසේ, ඩර්නා සහ අල්-මාර්ජ් යන නැගෙනහිර නගරවලට ඩැනියෙල් කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?