ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා එක්වන ඉන්දු – ඕස්ට්‍රේලියා අවසන් සංචිත නම්කෙරේ

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා එක්වන ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ අවසන් සංචිත අද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සංචිතයන් දෙක සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු බැඟින් ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, ජුනි 07 වනදා සිට 11 වැනිදා දක්වා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචිතය – පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, මාකස් හැරිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, ටොඩ් මර්ෆි, ස්ටීව් ස්මිත් , මිචෙල් ස්ටාක්, ඩේවිඩ් වෝනර්

එම සංචිතයේ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස මිච් මාෂ්, මැතිව් රෙන්ෂෝ නම්කර තිබෙනවා.

ඉන්දීය සංචිතය – රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, චෙටේෂ්වර් පුජාරා, විරාත් කෝලි, අජින්ක්‍යා රහානේ, කේඑස් භාරත්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, මොහොමඩ්. ෂාමි, මොහොමඩ්. සිරාජ්, උමේෂ් යාදෙව්, ජයදේව් උනද්කට්, ඉෂාන් කිෂාන්

ඉන්දීය සංචිතයේ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස යෂස්වි ජයිස්වාල්, මුකේෂ් කුමාර් සහ සූර්යකුමාර් යාදව් නම්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්