ජූලි මාසයේ වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත යොමුකරන බව
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ, අනුව ප්‍රතිලාභීන් 600,768ක් අතරේ රුපියල් 3,003,840,000ක මුදලක් බෙදාදීමට නියමිතයි.