ජීවිත 21ක් බිළිගෙන අඩි 100ක ප්‍රපාතයක නතර වූ බස් රථය ගොඩගනී (ඡායාරූප)

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය (11) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා.

එලෙස ගොඩගත් බස් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසිය සහ යුද හමුදාව එක්ව දොඹකර ආධාරයෙන් බස් රථය ප්‍රපාතයෙන් ගොඩගත බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ලංගම බස් රථය අද (11) අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මියගිය පිරිස අතර කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට මෙම වන්දි ලබාදීමට නියමිතයි.

01 7
01 6
01 5
01 4
01 2
01 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22