ජිමී කාටර්ගේ අභාවය වෙනුවෙන් ජනපති අනුර ශෝකය පළකරයි

එක්සත් ජනපද හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළකර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුම වෙත විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසන්නේ; හිටපු එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර්ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට තම බලවත් ශෝකය පළකර සිටින බවයි.

ජිමී කාටර් ජනාධිපතිවරයාගේ අසාමාන්‍ය ජීවිතය සාමය, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු සඳහා නොසැලෙන කැපවීමකින් සනිටුහන් වූ බවයි අනුර කුමාර ජනාධිපතිවරයා පවසන්නේ.

එමෙන්ම ඔහුගේ උරුමය සැමට යහපත් ලෝකයක් ගොඩනැගීමට බලාපොරොත්තුවේ පහනක් ලෙස ජීවත් වේවා යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල එක්ස් ගිණුමේ තැබූ ශෝක සටහනේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48