ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙන් ලිපියක්

නීතියේ ආධිපත්‍යයට මතුව ඇති නව තර්ජනවලට එරෙහිව නැගී සිටින ලෙස සහ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට දරන දැඩි උත්සාහයට එරෙහිව නැගී සිටින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා වන ජාතියේ අරගලයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට නීතිඥ සංගමය සමත් වූ බවයි.

එලෙස කටයුතු කිරීමෙන් තම වෘත්තිය ජන ජීවිතයට අදාළ කර ගැනීමටත් එහි විශ්වසනීයත්වය සහ මහජන පිළිගැනීම ඉහළ නැංවීමටත් අපට හැකි වූ බව නීතිඥ සාලිය පීරිස් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වසර දෙක තුළ නීතිඥ සංගමය බොහෝ කරුණු සම්බන්ධයෙන් ප්‍රබල ස්ථාවරයන් ගත් අතර අවශ්‍ය අවස්ථාවල දී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අධිකරණයේ පිහිට පැතූ බවයි.

ඉදිරි මාසවලදී, තම වෘත්තියේ හරය වන මූලධර්ම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමටත්, ජනතාවගේ උරුමය ලෙස ව්‍යවස්ථාවේ විස්තර කර ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් නීතිඥ මණ්ඩලය කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) අවසන් වූ ඔහුගේ ධුර කාලය සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.

Letter1
Letter2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?