ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙන් ලිපියක්

නීතියේ ආධිපත්‍යයට මතුව ඇති නව තර්ජනවලට එරෙහිව නැගී සිටින ලෙස සහ අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට දරන දැඩි උත්සාහයට එරෙහිව නැගී සිටින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා වන ජාතියේ අරගලයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට නීතිඥ සංගමය සමත් වූ බවයි.

එලෙස කටයුතු කිරීමෙන් තම වෘත්තිය ජන ජීවිතයට අදාළ කර ගැනීමටත් එහි විශ්වසනීයත්වය සහ මහජන පිළිගැනීම ඉහළ නැංවීමටත් අපට හැකි වූ බව නීතිඥ සාලිය පීරිස් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වසර දෙක තුළ නීතිඥ සංගමය බොහෝ කරුණු සම්බන්ධයෙන් ප්‍රබල ස්ථාවරයන් ගත් අතර අවශ්‍ය අවස්ථාවල දී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අධිකරණයේ පිහිට පැතූ බවයි.

ඉදිරි මාසවලදී, තම වෘත්තියේ හරය වන මූලධර්ම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටීමටත්, ජනතාවගේ උරුමය ලෙස ව්‍යවස්ථාවේ විස්තර කර ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් නීතිඥ මණ්ඩලය කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) අවසන් වූ ඔහුගේ ධුර කාලය සම්පූර්ණ කිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.

Letter1
Letter2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34