Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට මිලියන 100 ක් වෙන් කෙරේ

ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහයක් ලබා දීමට රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

2027 වසරේ අය වැය කථා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක එම නිවේදනය සිදුකළා.

ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 400 ක් ද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට රු. මිලියන 489ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පුනරාර්වර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384 ක් වෙන් කෙර තිබෙනවා.