ජනපති කොග්ගල සහ අහංගම හදිසි සංචාරයක (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) කොග්ගල සහ අහංගම ප්‍රදේශවල පිහිටි හෝටල් කිහිපයක හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.

පෙර දැනුම් දීමකින් තොරව හදිසි සංචාරයක් ලෙස එම ප්‍රදේශවල සංචාරය කළ ජනාධිපතිවරයා හෝටල් හිමියන් සමඟ සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

හෝටල් හිමියන් මෙහිදී තමන් මුහුණ දෙන සියලු ගැටලු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පැමිණෙන අවස්ථාවේ හෝටල්වල සිටි විදේශීය සංචාරකයන් සමඟ ද කතාබහක නිරත වූ බව සඳහන්.

මේ වන විට සංචාරක හොටල් හිමියන්ට මුහුණු පෑමට සිදුවන ගැටලු පිලිබඳ මෙහිදී ඝෘජුවම ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?