බ්රසීල ජනාධිපතිවරණයෙන් අඛණ්ඩව සිව්වන වරටත් ජයගත් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) සුබ පැතුම් එක් කළා.
බ්රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා විසින් ඊට ප්රතිචාර දක්වා ඇති අතර, ඔහු ඊට ප්රතිචාර දක්වමින් පවසා ඇත්තේ ශ්රී ලංකාව සහ බ්රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
සිය X සමාජ මාධ්ය ගිණුමේ සටහනක් එක්කරමින් ලූලා ද සිල්වා, පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට ලැබීම සතුටක් බවද සඳහන් කර තිබෙනවා.
