Fly high Get bonus Aviator Phone

චීන බැලුන් ගැන ජපානයෙන් සැර කතාවක්

තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිම ආකාරයකින් තම ගුවන් කලාපය තුළ පියාසර නොකරන ලෙසට ජපානය විසින් චීනයට දැනුම් දී තිබෙනවා.

ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නිලධාරියෙකු අතර පැවති හමුවක දී මේ අබ්වයි දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහිදී ජපාන රජය පෙන්වා දී ඇත්තේ කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බවයි.

මේ අතර ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලුන රැසක් පසුගිය වසර කිහිපය තුළ ජපන් බලධාරින් විසින් නිරීක්ෂණය කර ඇති බවද වාර්තා වනවා.

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා විසින් පෙබරවාරි 04 වන දින චීන බැලූනයක් බිම හෙළීමෙන් අනතුරුව ඔත්තු බැලූන පිළිබඳ ගැටළුව ජාත්‍යන්තරයේ දැඩි ලෙස අවදානයට ලක් වුණා.

කෙසේ වෙතත් මෙම බැලූනය සිවිල් කාලගුණ නිරීක්ෂණ ගුවන් යානයක් බව චීනය ප්‍රකාශ කළ අතර, එක්සත් ජනපදය චීනයට චෝදනා කළේ චීන බැලූන් තම ගුවන් සීමාවට එවන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?