ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අතර විශේෂ හමුවක් ඊයේ (09) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
චීන තානාපතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුව මෙම විශේෂ හමුව සිදුව තිබෙනවා.
මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.
මෙම අවස්ථාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ ද එක්ව ඇති බවයි වාර්තා වුණේ.
