AFC Banner
Empty Ad
AFC Banner

චීනයේ  අඟහරු රෝවරය ශිශිර නිද්‍රාවෙන් පසු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් පවත්වන ලද  චීන ග්‍රහලෝක ගවේෂණ වැඩසටහන යටතේ අඟහරු ග්‍රහයා වෙත යොමු කරන ලද රෝවරය  ශිශිර නිද්‍රාවෙන් පසු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.

බලශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණින් එම රෝවරය ශිශිර නිද්‍රාවට යොමු කෙරුණේ පසුගිය මැයි මාසයේදීයි.

බලාපොරොත්තු වූවාට වඩා දිගු ශිශිර නිද්‍රාවක තිබූ චීන රෝවරය යළි පණ ගැන්විය නොහැකි තත්ත්වයක පවතින බවටයි වාර්තා වන්නේ.

මෙම Zhurong රෝවරය Tianwen 1 මෙහෙයුම යටතේ  දියත් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීයි.

එය 2021 මැයි 15 දින අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩ බැස්සවීමට හැකිව තිබුණා.

එය පසුගිය වසරේ මැයි 18 වන දින නිද්‍රා මාදිලියට ඇතුළු වුණේ ශීත ඍතුවේ දී විදුලිය ඉතිරි කර ගැනීම සඳහායි.

පසුගිය දෙසැම්බරයේ එය අවදි වීමට නියමිතව තිබුණත් එය සාර්ථක වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ ළඟම හිතවතා පැටිකරිය දිගහරී "රන්ජන්ගේ ළඟ මාසයක් වළං හෝදන්නම් කියපු අය CID එකේ මහපුටුවල"
07:44
Video thumbnail
හදීසියේ සූජීවගේ ගෙට පොලීසිය කඩා පනී - "නිවසේ සේවකයාටත් තර්ජනය කරලා"
08:34
Video thumbnail
Breaking news🛑රවී සෙනවිරත්න ගැන අදත් ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක් #breakingnews #pasku
04:01
Video thumbnail
ගම්මන්පිලගෙන් විජිතට විවාදයකට ඇරයුම් #gammanpila #npp #akd
04:35
Video thumbnail
අගමැතිනි හරිනිගෙන් සුපිරි කතාවක් #hariniamarasuriya
04:11
Video thumbnail
රනිල් දේශපාලනයෙන් සමුගන්න දිනය #ranilwickremesinghe
03:43
Video thumbnail
රෝසි ලුණු ඇඹුල් ඇතිව අනුරට දෙසයි #anurakumaradissanayake
07:10
Video thumbnail
Clean Sri Lanka දියවන්නාවෙන්ම පටන් ගමද?
04:21
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:11
Video thumbnail
පුංචි තෑග්ගක් ගිහින් දීලා ඔයාගේ බිරිඳ - අම්මා - තාත්තව සතුටු කරන්න
05:08

?