AFC Banner
AFC Banner
Empty Ad

චාමිකට අයි.සී.සී.යෙන් අනුමැතිය – ප්‍රමෝද් මධුෂාන් ඉන්දියාවට

ආබාධයකට ලක්ව සිටින දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් දසුන් ශානකට සති 03ක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දසුන් ශානක වෙනුවට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවල දී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරී තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වී යන දසුන් ශානක ඉදිරි දින කිහිපයේ දී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් Traveling Reserve ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සමඟ එක්වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
7
+1
1
+1
6
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?