චමීරට අයි.පී.එල් දොර ඇරෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට එළඹෙන අයි.පී.එල් තරගාවලිය නියෝජන කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, අනුව ඔහු මෙවර තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර කොල්කටා කණ්ඩායමට තෝරාගෙන තිබූ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන් වෙනුවට චමීරට මෙලෙස එම කණ්ඩායම සමඟ එක්කරගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

චමීර කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම සමඟ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ගිවිසුම් ගතව ඇති බව සඳහන්.

ඔහු මීට පෙර අවස්ථා තුනක දී අයි.පී.එල් තරගාවලිය නියෝජනය කළ අතර එහිදී 2018 සහ 2021 වාරවලදී පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කළා.

2022 තරගාවලියේ ඔහු ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියේ දී පන්දුවෙන් දස්කම් දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42