ගෝල්ෆේස් යුද පිටියෙන් 11ක් රෝහලට

ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා අප සමඟ සඳහන් කළා.