ගොඩවෙල්ලා දළඹු හානිය මුළුමනින්ම පාලනය කෙරේ

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක විසින් මෙම කාරණය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ (16) දැනුම් දෙනුමු දුන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවයි ආචාර්ය ජයන්ත සේනානායක සඳහන් කරන්නේ.

මෙම දළඹු හානිය මුළුමනින්ම පාලනය කළ හැක්කක් වන බැවින් කෘෂිකර්ම නිලධාරින් ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම මෙම දළඹු හානිය කිසිසේත්ම සමස්ත අස්වැන්නමට බලපෑමක් එල්ල නොවන බවත්, මේ වනවිට දළඹු හානිය මුලුමනින්ම පාලනය කර ඇති බැවින් ඒ සම්බන්ධව සැකයක් ඇති කර ගත යුතු නැතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?