ගුරු හිඟයට පිළියමක් ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රම

සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණයකින් පත් කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පරිවර්තනය, 6-13 ශ්‍රේණි සඳහා වන කාර්ය සාධක බලකාය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර ඊයේ (20) පැවති සාකච්ඡාවේ දී ඇය මේ බව සඳහන් කළා.

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඒ ආශ්‍රිත අභියෝග මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජාතික සහ පළාත් පාසල්වල දැනට පවතින 42,000 ඉක්මවා ඇති ගුරු හිඟය විසඳීම ඉතාමත් කඩිනමින් සිදුකළ යුතු බවත්, ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 06 තුළ ඉගෙනුම් පරතරය අවම කර ගැනීම සඳහා පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ඩිජිටල් ඉගෙනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඇය මෙහිදී පවසා සිටියා.

මෙම කාර්ය සාධක බළකායේ නිලධාරීන් වෙනුවෙන් පත්වීම් ලිපි මෙහි දී අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රදානය කළ අතර, එහි සභාපති ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?