ගාල්ල – මාතර මාර්ගයේ අනතුරක් – මෝටර් රථයක සිටි කතුන් දෙදෙනෙක් රෝහලට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට මංසන්ධියේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක කණුවක ගැටී අද (31) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මොණරාගල සිට ගාල්ලට පැමිණෙමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථය අනතුරට ලක්වන අවස්ථාවේ දී දරුවන් දෙදෙනෙක් ඇතුළු හයදෙනකු එහි ගමන්කරමින් සිට තිබෙනවා.

මෙම අනතුරින් රථයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.