ගසක් කඩා වැටීමෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

අද පස්වරු ට පමණ මාර ගස කඩා වැටී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන ඩෙවොන් වත්ත ප්‍රදේශයේදියි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටා තිබු විශාල මාර ගස පස්වරුවේ සිටම කඩා වැටීමේ අවදානමක පැවතීම හේතුවෙන් දිඹුලපතන පොලිසියේ නිලධාරින් මාර්ගයේ ධාවනය කළ වාහන නතර කර වතු කම්කරුවන්ගේ සහය ඇතිව ගස කපමින් සිටියදී යි එය ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇත්තේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස එම වතු යායේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර එම මාර්ගය අභියස පිහිටා තිබු විශාල මාර ගසක් ප්‍රධාන මාර්ගයේ ධාවනය කල ත්‍රී රෝද රථයක් මතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්වුණා.

මාර ගස කඩා වැටුණු ස්ථානයේ ප්‍රධාන මාර්ගය අභියස තවත් මාර ගස් කිහිපයක් කඩා වැටීමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.

01 6 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?