ගනේමුල්ල සංජීව ව උසාවියට ගෙනාවේ මහේස්ත්‍රාත්වරයාගේ ලිඛිත නියෝගයක් මතයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පසුගිය 19 වැනි දා අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ විත්ති කූඩුව තුළ සිටියදී නීතිඥවරයෙකුගේ වෙස් ගත් අයෙකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරුව ජීවිතක්ෂයට පත් වූ ගනේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැත්තාව එදින අධිකරණයට භෞතික ව ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

මේ වනවිට (25) පැවැත්වෙන විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගනේමුල්ල සංජීව නමැත්තාට පෙබරවාරි මස 19 වැනි දින අංක 09 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණ ද්විත්වයේ ම නඩු විභාග පැවැත්වුණු බවත්; එදින භෞතිකව චූදිතයාව අධිකරණයට ඉදිරිපත් කරවන ලෙස දැන්වුව ද මහේස්ත්‍රාත්වරයා නොපැමිණි බව‍යි.

මෙම නියෝගය අංක 09 දරණ මහේස්ත්‍රාත් උසාවියේ විනිසුරුවරයා විසින් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට අංක 70/755/4/22 යන නඩුව සඳහා දෙවැනි චූදිත වශයෙන් සිටි සංජීව කුමාර සමරරත්න නමැත්තාව ගෙන එන ලෙසට ලිඛිතව සිදු කළ නියෝගයක් ප්‍රකාරව පොලිස් ආරක්ෂාව සහ විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව මත අධිකරණයට එදින පමුණුවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේවෙතත් එදින නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා නොපැමිණීම මත ගනේමුල්ල සංජීවට තිබූ සෙසු නඩුව සඳහා ඔහුව අංක 5 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි අදාළ වෙඩි ප්‍රහාරයට ලක් වුණා.

එමෙන්ම මෙම වෙඩි ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිණිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය රටින් පලා ගොස් නොමැති බවත්, ඇය රට තුළ වෙස්වලාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසනවා.

සැකකාරිණියට රටින් පලා යාමට ඉඩ ඇති මුහුදු මාර්ග සහ ගුවන්තොටුපොළ මාර්ග සියල්ලම දැඩි ආරක්ෂාවක් මැද වළක්වා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාව පෙබරවාරි මස 19 වැනි දින ඝාතනයට කිරීමට අවශ්‍ය ගිනි අවිය වෙඩික්කරු හට කඩුවෙල ප්‍රදේශයේ ළැඟුම්හලක දී ලබා දී ඇත්තේ මේ වනවිට අතුරුදන් ව සිටින සැකකාරිණියයි.

මීට අදාළ ව සිදු කරන ලද දීර්ඝ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකාරිණියගේ මව සහ සොහොයුරා ද ඝාතනය ගැන දැනුම්වත් වී සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඊට පෙර දූරකථන ඇමතුම් හරහා සංවාද හුවමාරු වී ඇති බවත් එබැවින් සැකකාරිණියගේ මව සහ සොහොයුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (24) රාත්‍රියේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිසිය පවසනවා.

එමෙන්ම මෙම ප්‍රධාන සැකකාරිණිය වන ඉෂාරා සෙව්වන්දි මීට පෙර ද හෙරොයින් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත ව සිට නිදහස් ව පැමිණි අයෙක් බවට ද හෙළි ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
0
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00