ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායක යැයි කියන සංජීව කුමාර සමරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විසි අටවන සැකකාරිය ලෙස නම් කර සිටින නීතිඥ තමාරා කුමාරි අභයරත්න වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් තුන්වැනිදා නිකුත් කිරීමට කොළ මහාධිකරණ විනිසුරු ගුවන් ධම්මික දිසානායක මහතා අද (23) දින නියම කළා.
දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය සමඟ කියවිය යුතු 113, 102, 199, 206 හා 402 යන වගන්ති හ තුවක්කු ආඥා පනත මෙන්ම පීඩාකාරී ආයුධ පනතෙත්, ත්‍රස්තවාදී වැළැක්වීමේ (තාවකාලික විධිවිධ) වගන්ති ප්‍රකාරව ගැනෙන වරදවල් සිදුකර ඇතැයි චෝදනා කරමින් B 39368/1/25 දරණ නඩුවට අදාළව ඇය රක්ෂිත බන්ධනාගාර කර ඇතැයි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා අධිකරණයට පෙන්වා දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකාරිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර විමර්ශනය සිදුකළේ කෝරළ ගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ යන සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව B 57990/1/25 දරණ නඩුවට අදාළව බවත්, පසුව මෙම ඇප අයදුමට අදාළ නඩුවේ සැකකාරිය ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් නම් කළ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.
B 57990 දරණ නඩුව සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරියට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ගැනෙන ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවන බැවින් එම නඩුව සම්බන්ධයෙන් ඇයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග නොගන්නා බව විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එකී සැකකාරියව එම නඩුවෙන් මුදාහැර ඇති බවත්, ඇයට එරෙහිව තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන චෝදනා ඉවත් කර ඇති බවත් ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා අධිකරණයට පෙන්වා දෙනු ලැබුවා.
සිය සේවාදායිකාවට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වූ පනත යටතේ ගැනෙන චෝදනා ඉවත් කර ඇති බැවින් හා සැකකාරිය අත්අඩංගුවට ගෙන වසරක කාලයක් ගෙවී ගොස් ඇති බැවින් හා නඩුවේ වෙනත් සාක්ෂිකරුවන්ගෙන් අනාවරණය වූයේ කියනු ලබන සාක්ෂි මිස වෙනත් සාක්ෂි කිසිවක් නොමැති බැවින් ඇය ඇපමත මුදා හැරීමට නෛතික බාධාවක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.










