ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මරුට

නොනවතින මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත බංග්ලාදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මිලියන 5.2කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි බංග්ලාදේශ බලධාරීහු ප්‍රකාශ කරන්නේ.

රජයේ ප්‍රධාන උපදේශක මොහොමඩ් යූනුස් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ගංවතුරෙන් විපතට පත් වූවන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපාලනය විසින් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

මෙහිදී අසල්වැසි ඉන්දියාවේ වේලි වාන් දොරටු විවෘත කිරීම නිසා ගංවතුර ඇති වූ බවට බංග්ලාදේශයේ ඇතැමුන් චෝදනා කරන අතර එය නවදිල්ලිය විසින් ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අතර ජල මට්ටම ඉතා සෙමින් බැස යමින් පවතින බැවින් මෝසම් වර්ෂාව දිගටම පැවතුණහොත්; ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවටයි බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39