ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාව, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රජය සතු වෙනම ආයතනයක් ලෙස පිහිටුවීම සම්බන්ධයෙන් වන මූලික වටයේ සාකච්ඡා (26) ආරම්භ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් x පණිවිඩයක් (ට්විටර්) නිකුත් ක‍රමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ අදාළ ආයතනය සඳහා වන විදෙස් ආයෝජන ආකර්ෂණය ඉහළ නැංවීම සඳහා වන ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වූ බවයි.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වා දීම ද මේ යටතේ සිදු කෙරෙනු ඇති.

එම x පණිවිඩයේ දැක්වෙන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමය සහ ක්‍රියාවලිය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පැවැත් වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39