කෝලිට දෙවැනි පුහුණු තරගය මඟ හැරෙයි

එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි පුහුණු තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිට අහිමිවී යා හැකි බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය හෙට (03) තිරුවානන්තපුරම් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ (01) සවස විශේෂ ගුවන් යානයකින් ගුවාහාටි සිට පැය 04ක ගමනකින් පසු තිරුවානන්තපුරම් වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස තිරුවානන්තපුරම් වෙත පැමිණි ඉන්දීය කණ්ඩායම සමඟ විරාට් කෝලි පැමිණ නොමැති බවට තොරතුරු වාර්තා වනවා.

සිය පුද්ගලික අවශ්‍යතාවයක් හේතුවෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් ඔහු නිවාඩුවක් ඉල්ලා ඇති අතර, ඒ අනුව කෝලි ගුවහාටි සිට නැවත මුම්බායි වෙත ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඉන්දියාව සහභාගී වූ පළමු පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් තරග කිරීමේ අවස්ථාව අහිමි වී ගියා.

කෙසේ වෙතත් හෙට තිරුවානන්තපුරම් හි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයට ද බොහෝ විට වර්ෂාවන් බාධා එල්ලවිය හැකි බවයි එරට කාලගුණ අංශ පුරෝකථනය කර ඇත්තේ.

මෙවර ලෝක කුසලානයේ දී ඉන්දියාව මුහුණ දෙන පළමු තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔක්තෝම්බර් 08 වනදා චෙන්නායිහි දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39