කෝලිගෙන් වනිඳුට පොරොන්දුවක් (වීඩියෝ )

අයි.පී.එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම ඊයේ (13) ජායිපූර් හිදී එකිනෙකා මුණගැසුණා.

මෙම තරගයෙන් ලකුණු 09ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩාමට හැකියාව ලැබුණා.

මෙම තරගයෙන් අනතුරුව; රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට තමන්ගේ පිත්තක් ලබාදීමට සුපිරි පිතිකරු ව්රාට් කෝලි පොරොන්දු වී තිබෙනවා.

තරගයෙන් අනතුරුව රාජස්ථාන් පිළ නියෝජනය කරන වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ සහ මෙවර තරගාවලියේ බැංගලූරු කණ්ඩාම නියෝජනය කරන නුවන් තුෂාර තිදෙනා සංවාදයක නිරතව සිටින ස්ථානයට විරාට් කෝලි පැමිණෙනවා.

එම අවස්ථාවේ දී කෝලි අතේ තිබූ පිත්ත පිළිබඳව වනිඳු හසරංග විමසා සිටිනවා.

එම අවස්ථාවේ කෝලි පවසන්නේ තමන්ගේ පිත්තක් ත්‍යාගයක් වශයෙන් වනිඳුට ලබාදෙන බවයි.

බැංගලූරු කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම මීළඟට එකිනෙකා බැංගලෝරයේ දී හමුවන අතර එම අවස්ථාවේ පිත්තක් වනිඳුට ලබාදීමටයි කෝලි පොරොන්දු වී ඇත්තේ.

කණ්ඩායම් දෙක අතර බැංගලෝර් තරගය අප්‍රේල් 24 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වනිඳු මීට පෙර අයි.පී.එල් තරගවාරවල දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම නියෝජනය කරමින් කෝලි සමඟ එකට ක්‍රීඩා කළා.

https://twitter.com/rajasthanroyals/status/1911690836116721788



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32