කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ මෙහෙයුම් 2024 ජුනි සිට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධියරේ මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරයා,නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්ථාව සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතට කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

මෙම කමිටුව හමුවේ කරුණු දක්වමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ කොළඹ වාරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් වලින් මේ වන විට 20% ප්‍රගතියක් ලබා තිබෙන බවයි.

නැගෙනහිර පර්යන්තයේ, ඉදිකිරීම් 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට ද සැලසුම්කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

කොළඹ වාරයේ බටහිර පර්යන්තයයේ ඉදිකිරීම්වල ද දැනට 20% ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවත් එහි ඉදිකිරිම්ද 2025 වසරේ දෙවන කාර්තුවේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ නිලධාරීන් පැවසුවා.

මේ අතර 2022 වසරේ ජුනි මාසයෙන් පසු තමන් ලාභ ලබමින් සිටින බව සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සඳහන් කළා.

ඒ, අනුව මෙම වසරේ (2023) ගතවූ මස 07 තුළ එම සමාගම ඩොලර් මිලියන 18ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ලංකාව තුළ භාණ්ඩ බෙදා හැරීමේදී මුහුදු මඟින් එම භාණ්ඩ ප්‍රවාහනට ඇති හැකියාව සොයා බලන ලෙසට කමිටු සාමාජික මන්ත්‍රීවරයන් විසින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයට මෙහිදී උපදස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51