කොළඹ වරායේ අනතුරකින් පුද්ගලයෙක් මරුට

කොළඹ වරාය පරිශ්‍රයේ බර අඬු එසවුම් යන්ත්‍රයක් යතුරුපැදියක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වරාය පරිශ්‍රයේ අදියර තුනේ සිට අදියර දෙක දෙසට ධාවනය කළ බර අඬු එසවුම් යන්ත්‍රයක්, ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කළ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු ‍40ක රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ බර අඬු එසවුම් යන්ත්‍රයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03