කොළඹින් දකුණට ගිය දුම්රියක මැදිරියකින් හමු වූ උණ්ඩ 57(වීඩියෝ)

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක ආසනයක් යට තිබී බෑගයක දමා තිබූ ටී56 උණ්ඩ 57ක් අද (29) දහවල් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.30ට ගමන් ඇරඹි දුම්රිය පස්වරු 12.15ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟා වූ බවයි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සුපුරුදු පරිදි මැදිරියෙන් මැදිරියට ගොස් පරීක්ෂා කර ඇති අතර තුන්වන පන්තියේ 798 මැදිරියේ සිටි දෙදෙනකු දුම්රියෙන් බැස ගොස් තිබෙනවා.

ඉන් පසුව ආරක්ෂක නිලධාරියා ඔවුන් සිටි ආසනය අසලට ගොස් ඇති බවත් එම ආසනය යට තිබී කළු පැහැති බැක්පැක් වර්ගයේ බෑගයක් හමු ව ඇති බවත් වාර්තාවනවා.

බෑගය පරීක්ෂා කිරීමේ දී එය තුළ තිබී ටී56 උණ්ඩ පිරවූ මැගසිනයක් ඇතුළුව උණ්ඩ 57ක් හමුව තිබෙනවා.

බෑගය දමා ගිය පුද්ගලයන් සොයා ගැනීමට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වුණා.

මෙම දුම්රිය පස්වරු 12.40 ට මහනුවර බලා පිටත් වීමට නියමිතව තිබුණ ද එය නියමිත වේලාවට ගමන් ආරම්භ කිරීමට නොහැකි වූයේ මෙවන් කලබලකාරී පසුබිමක් මතයි.

මහනුවර බලා යාමට දුම්රියට ගොඩ වී සිටි සියලු මගීන් දුම්රියෙන් බස්වා පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරින් විසින් දුම්රිය පරීක්ෂා කෙරුණා.

තංගල්ල මූලස්ථාන පොලිසියේ පොලිස් නිල සුනඛයෙකු ගෙන්වා ද දුම්රිය පරීක්ෂාවට ලක් කෙරුණු බවයි වාර්තා වන්නේ.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් සහ බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58