Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

කොසු මිටකින් පහර කා සිසුන් තිදෙනෙක් රෝහලේ

ගුරුවරයෙක් විසින් කොසු මිටකින් පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙකු රෝහල් ගතකළ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතව ඇත්තේ පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙක්.

ඉගෙනුම් කාලය තුළ පාසලේ ආපනශාලාවේ රැදී සිටීම හේතුවෙන් සිසුන් හත්දෙනෙකුට අදාළ ගුරුවරයා විසින් කොසු මිටකින් පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස පහරකෑමට ලක්වූ සිසුන්ගෙන් තිදෙනෙක් මෙලෙස ප්‍රතිකාර සඳහා රෝහල් ගතව ඇති බවයි වාර්තා වුණේ.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය විමර්ශනයක් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?