Fly high Get bonus Aviator Phone

කොවිඩ් ලොක්ඩවුන් සමයේ ගොඩනැඟුණු ප්‍රේම සම්බන්ධය ත්‍රිත්ව ඝාතනයකින් කෙළවර වූ හැටි

කොවිඩ් වසංගතය හේතුවෙන් රටවල් රැසක් අඟුළුදමා තිබූ සමයේ ගොඩනැඟුණු ආදර සම්බන්ධතාවක් ත්‍රිත්ව ඝාතනයකින් අවසන් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගෝලාගාට් දිස්ත්‍රික්කයේ මෙම බිහිසුණු ත්‍රිත්ව ඝාතනයන් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

25 හැවිරිදි සැමියා විසින් සිය 24 හැවිරිදි බිරිඳ සහ ඇයගේ මව්පියන් පසුගිය සඳුදා මෙලෙස ඝාතනය කර තිබෙනවා.

2020 වසරේ ජුනි මාසයේදී, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රටපුරා අගුළු දැමීමෙන් පසුව, යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන නසිබර් නැමැති තරුණයා සහ සංඝමිත්‍රා නැමැති තරුණිය ෆේස්බුක් සමාජ මධ්‍ය ඔස්සේ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ගොඩනැඟුණු මිත්‍රත්වය මාස කිහිපයකින් ප්‍රේමයක් බවට පත් වූ අතර, එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා කොල්කටා වෙත පැනගොස් විවාහ වී තිබෙනවා.

අනතුරුව සංඝමිත්‍රා නැමැති මෙම තරුණිය දෙමාපියන් විසින් නිවසට කැඳවාගෙන පැමිණ ඇති අතර, ඊළඟ වසරේ සංඝමිත්‍රාගේ දෙමාපියන් ඇයට සොරකම් කරන බවට චෝදනා කරමින් පොලිස් පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එම පැමිණිල්ලට අනුව තරුණිය අත්අඩංගුවට ගෙන මාසයකට වැඩි කාලයක් අධිකරණ භාරයේ තබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇප ලැබීමෙන් පසු ඇය සිය දෙමාපියන්ගේ නිවසට පැමිණි ඇති බව පවසන පොලිසිය 2022 ජනවාරි මාසයේදී, සංඝමිත්‍ර සහ නසිබුර් නැවතත් චෙන්නායි වෙත පලා ගොස් ඇති බවයි සඳහන් කළේ.

එහිදී ඔවුන් මාස පහක් එකට ජීවත්ව ඇති අතර, පසුව මෙම යුවළ එම වසරේ අගෝස්තු මාසයේදී නසිබර්ගේ නිවසේ ජීවත්වීමට ගොස් ඇති අතර ඒ වනවිය සංඝමිත්‍රා ගැබ්ගෙන සිටි බව සඳහන්.

ඒ, අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔවුන්ට පුතෙකු ලැබුණු බවයි පොලිසිය පවසනේ.

කෙසේ වෙතත්, මාස හතරකට පසු, මේ වසරේ මාර්තු මාසයේදී සංඝමිත්‍රා සිය දරුවා සමඟ නසිබුර්ගේ නිවස හැර දමා ඇගේ දෙමාපියන්ගේ නිවස ගොස් ඇත්තේ තම සැමියා වන නසිබර් තමාට වධ හිංසා කළ බවට චෝදනා කරමින්.

ඇය විසින් එම චෝදනාව පොලිස් පැමිණිල්ලක් ලෙස ද ලියාපදිංචි කර ඇති මිනීමැරීමට තැත් කිරීමේ නඩුවක් ලියාපදිංචි කර නසිබර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව දින 28ක් බන්ධනාගාර ගතව සිට ඔහු ඇප මත නිදහස්වීමෙන් පසු තම දරුවා බැලීමට අවශ්‍ය වූ නමුත් සංඝමිත්‍රගේ පවුලේ අය ඔහුට ඉඩලබාදී නැහැ.

කලක සිට එම අවස්ථාව නොලැබීමෙන් කෝපයට පත්ව සිටි නසිබර් විසින් පසුගිය සඳුදා බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිය බිරිඳ සංඝමිත්‍රා සහ ඇගේ දෙමාපියන් ඝාතනය කර තිබෙනවා.

අනතුරුව ඒ වනවිට මාස 09ක්ව සිටි, සිය දරුවා ද රැගෙන පලා ගොස් ඇති අතර, පසුව ඔහු පොලිසියට භාර වී ඇති බවයි වාර්තා වුණේ.

එලෙස භාර වූ සැකකාර නසිබර් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුට එරෙහිව මිනීමැරුම් සම්බන්ධයන් චෝදනා ගොනුකර ඇති අතර, මෙම බිහිසුණු ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
3
+1
11
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38
Video thumbnail
වෝක්ෂොල් වීදියේ හටගත් ගින්නේ ඔබ නොදුටු බිහිසුණු දසුන්
05:04
Video thumbnail
ප්‍රබලයෙක් සජබයෙන් ඉල්ලා අස්වෙයි - මම යනවා යන්න
18:00
Video thumbnail
ඉන්දු - පකිස්ථාන ගැටුම් නිසා ලංකාවට වෙන දේ - ලොකු අවදානමක්
07:08
Video thumbnail
ගින්නක් ගින්නක් - වෝක්ෂොල් වීදියම කැළඹූ ගින්න - මිනිස්සුන්ට හුස්ම ගන්නත් බැහැ
07:19
Video thumbnail
බෙල් 212 යානයේ ඉන්ධන විසිරීම පාලනයට විශාල පරිශ්‍රමයක
01:15

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?