කොවිඩ් ලොක්ඩවුන් සමයේ ගොඩනැඟුණු ප්‍රේම සම්බන්ධය ත්‍රිත්ව ඝාතනයකින් කෙළවර වූ හැටි

කොවිඩ් වසංගතය හේතුවෙන් රටවල් රැසක් අඟුළුදමා තිබූ සමයේ ගොඩනැඟුණු ආදර සම්බන්ධතාවක් ත්‍රිත්ව ඝාතනයකින් අවසන් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගෝලාගාට් දිස්ත්‍රික්කයේ මෙම බිහිසුණු ත්‍රිත්ව ඝාතනයන් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

25 හැවිරිදි සැමියා විසින් සිය 24 හැවිරිදි බිරිඳ සහ ඇයගේ මව්පියන් පසුගිය සඳුදා මෙලෙස ඝාතනය කර තිබෙනවා.

2020 වසරේ ජුනි මාසයේදී, කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රටපුරා අගුළු දැමීමෙන් පසුව, යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන නසිබර් නැමැති තරුණයා සහ සංඝමිත්‍රා නැමැති තරුණිය ෆේස්බුක් සමාජ මධ්‍ය ඔස්සේ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ගොඩනැඟුණු මිත්‍රත්වය මාස කිහිපයකින් ප්‍රේමයක් බවට පත් වූ අතර, එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා කොල්කටා වෙත පැනගොස් විවාහ වී තිබෙනවා.

අනතුරුව සංඝමිත්‍රා නැමැති මෙම තරුණිය දෙමාපියන් විසින් නිවසට කැඳවාගෙන පැමිණ ඇති අතර, ඊළඟ වසරේ සංඝමිත්‍රාගේ දෙමාපියන් ඇයට සොරකම් කරන බවට චෝදනා කරමින් පොලිස් පැමිණිල්ලක් ගොනුකර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එම පැමිණිල්ලට අනුව තරුණිය අත්අඩංගුවට ගෙන මාසයකට වැඩි කාලයක් අධිකරණ භාරයේ තබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇප ලැබීමෙන් පසු ඇය සිය දෙමාපියන්ගේ නිවසට පැමිණි ඇති බව පවසන පොලිසිය 2022 ජනවාරි මාසයේදී, සංඝමිත්‍ර සහ නසිබුර් නැවතත් චෙන්නායි වෙත පලා ගොස් ඇති බවයි සඳහන් කළේ.

එහිදී ඔවුන් මාස පහක් එකට ජීවත්ව ඇති අතර, පසුව මෙම යුවළ එම වසරේ අගෝස්තු මාසයේදී නසිබර්ගේ නිවසේ ජීවත්වීමට ගොස් ඇති අතර ඒ වනවිය සංඝමිත්‍රා ගැබ්ගෙන සිටි බව සඳහන්.

ඒ, අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔවුන්ට පුතෙකු ලැබුණු බවයි පොලිසිය පවසනේ.

කෙසේ වෙතත්, මාස හතරකට පසු, මේ වසරේ මාර්තු මාසයේදී සංඝමිත්‍රා සිය දරුවා සමඟ නසිබුර්ගේ නිවස හැර දමා ඇගේ දෙමාපියන්ගේ නිවස ගොස් ඇත්තේ තම සැමියා වන නසිබර් තමාට වධ හිංසා කළ බවට චෝදනා කරමින්.

ඇය විසින් එම චෝදනාව පොලිස් පැමිණිල්ලක් ලෙස ද ලියාපදිංචි කර ඇති මිනීමැරීමට තැත් කිරීමේ නඩුවක් ලියාපදිංචි කර නසිබර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව දින 28ක් බන්ධනාගාර ගතව සිට ඔහු ඇප මත නිදහස්වීමෙන් පසු තම දරුවා බැලීමට අවශ්‍ය වූ නමුත් සංඝමිත්‍රගේ පවුලේ අය ඔහුට ඉඩලබාදී නැහැ.

කලක සිට එම අවස්ථාව නොලැබීමෙන් කෝපයට පත්ව සිටි නසිබර් විසින් පසුගිය සඳුදා බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිය බිරිඳ සංඝමිත්‍රා සහ ඇගේ දෙමාපියන් ඝාතනය කර තිබෙනවා.

අනතුරුව ඒ වනවිට මාස 09ක්ව සිටි, සිය දරුවා ද රැගෙන පලා ගොස් ඇති අතර, පසුව ඔහු පොලිසියට භාර වී ඇති බවයි වාර්තා වුණේ.

එලෙස භාර වූ සැකකාර නසිබර් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුට එරෙහිව මිනීමැරුම් සම්බන්ධයන් චෝදනා ගොනුකර ඇති අතර, මෙම බිහිසුණු ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
3
+1
11
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03