Empty Ad
AFC Banner
Empty Ad

කොදෙව්වන් තරගාවලි ජය සම කරගනිද්දී තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාවකුත් බිඳ වැටෙයි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ශූරතාව සම මට්ටමට පත් කරගැනීමට සංචාරක කොදෙව්වන් සමත් වුණා.

ඒ මුල්තාන් හි දී පැවැති අවසන් ටෙස්ට් තරගය ලකුණු 120කින් ජය ගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

පළමු ඉනිමේ දී කොදෙව්වන්ගෙන් කඩුලු 06ක් ලකුණු 41ක දී බිඳ දැමීමට නෝමන් අලි සමත් වීමත් කැපී පෙනුණා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිමට පිතිකරණය ඇරඹි පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 154යි.

පසුව සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ලන් දැවී ලකුණු 244ක් ලබාගත්තා.

පළමු ඉනිමේ ලත් සුළු පිතිකරණ වාසියත් සමගින් ඉදිරියට ගිය කොදෙව්වන්ගෙන් පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 253ක ඉලක්කයක් හිමි වුව ද පාකිස්තානයට කොදෙව් පන්දු යවන්නන් හමුවේ සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය කොදෙව්වන් ලකුණු 120කින් ජය ගත්තා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම කොදෙව් ක්‍රීඩක Jomel Warrican ට හිමිවුණා.

මේ අතර මෙම ටෙස්ට් තරගාවලිය කොදෙව්වන් අවසන් කළේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක දී තබා තිබූ දඟ පන්දු යවන්නන් විසින් බිඳ දමනු ලැබූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කරගනිමින්.

ඒ අනුව මෙම තරගාවලිය අවසන් වන විට කොදෙව් දඟ පන්දු යවන්නන් කඩුලු 68ක් බිඳ දමා ඇති අතර 2021 වසරේ දී ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව තබා තිබූ කඩුලු 67 වාර්තාව මෙලෙස අද (27) දිනයේ දී බිඳ වැටුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?